කාර්මික යුගයෙන් තිරසර යුගයට

අපි කාර්මික යුගයේ අවසානයට පැමිණ ඇත්තෙමු. එළඹෙමින් පවතිනුයේ තිරසාර යුගයයි. අපි කාර්මික යුගයේ ජිවත්වූ "කාර්මික මිනිසා" වූවෙමු. අපේ දරු මුනුපුරෝ තිරසර යුගයේ ජීවත්වන "තිරසර මිනිසා" වෙති. 2015 දී කාර්මික යුගය අවසන් විය. 2030 දී එළඹෙන්නේ තිරසර යුගයයි. එබැවින් කි්‍රස්තු වර්ෂ 2015-2030 යනු මානව ශිෂ්ටාචාරය, කාර්මික යුගයේ සිට තිරසාර යුගය දක්වා රැගෙන යන සංක්‍රමණිය අවධියයි. 2030 දී තිරසර යුගය එළඹෙන බව සහතික කිරීම උදෙසා ලෝක ප්‍රජාව සාදාගත් වැඩපිළිවෙල zතිරසාර සංවර්ධන ඉලක්කZ නම් වේ.

2015 සැප්තැම්බර් 23 වන දින ලෝක ප්‍රජාව ඓතිහාසික තීරණයක් ගනු ලැබීය. එදින පැවති එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධනය පිළිබඳ මහ සමුළුවේ දී මානව වර්ගයාගේ "තිරසාර සංවර්ධන ඉලක්ක" ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඉන්පසු එම වසරේ දෙසැම්බර් මස පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ මහ සමුළුවේ දී රටවල් 198ක් එක්ව දේශගුණික විපර්යාසය පිළිබඳ "පැරිස් ගිවිසුම" අත්සන් කරනු ලැබීය.

තිරසර සංවර්ධන ඉලක්ක

  • සාමාජීය - අධි පරිභෝජනයේ යෙදෙන පාරිභෝගිකයන්ගේ පරිභෝජනය ප්‍රශස්ත මට්ටමකට අඩුවිය යුතු අතර අව පරිභෝජනයේ යෙදෙන පාරිභෝගිකයන්ගේ පරිභෝජනය ප්‍රශස්ත මට්ටමකට වැඩිවිය යුතුය.

  • පාරිසරික - පාරිසරික තත්ත්වය වඩාත් යහපත් විය යුතුය.

  • අධ්‍යත්මික -මුදලට යට නොවන තිරසාර සංවර්ධනය පිළිබඳ දැක්මක් සහිත මැදුම් පිළිවෙත වෙත පුරවැසියන් නැඹුරු විය යුතුය.

  • ආර්ථීක සියළු නිෂ්පාදන හා සේවා, සමාජ විෂමතාව තුනී කරන, පාරිසරික තත්ත්වය වඩා යහපත් වන, පාරිභෝගිකයා සබුද්ධික පරිභෝජනයට නැඹුරු කරන භාණ්ඩ හා සේවාවන් විය යුතුය.

තිරසාර සංවර්ධන ඉලක්ක 17 කි. දුප්පත්කම, ගොවිතැන, සෞඛ්‍ය, අධ්‍යාපනය, කාන්තාවන්ට සැලකීම, වතුර, බලශක්තිය, රැකියා, කර්මාන්ත, ඇති නැති පරතරය, ජනාවාස, පරිභෝජනය, දේශගුණික විපර්යාසය, සාගර, ජෛව විවිධත්වය, සාමය සහ පොදු වැඩපිළිවෙලක් සැකසීම යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි එම තිරසාර සංවර්ධන ඉලක්ක සකසා ඇත. මෙලෙස ඉලක්ක 17 ක් ආවරණය වන පරිදි තිරසාර සංවර්ධන ඉලක්ක ඉදිරිපත් කිරීම මගින් නව අර්ථ දැක්වීමක් සංවර්ධනයට ලැබී ඇත. මෙම එක් එක් ක්ෂේත්‍රය හුදකලා කර විසඳිය නොහැක. මෙම ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට නම් මෙම ඉලක්ක 17 ම එක විට විසඳන ඒකාබද්ධ වැඩපිළිවෙලක් සම්පාදනය කර ගත යුතු වේ.