ජාතික මංගල්‍යය



සහභාගිත්වය

තිරසාර සංවර්ධනය වෙනුවෙන් ඇපකැප වූ

  • රජයේ ආයතන
  • පුද්ගලික සමාගම්
  • සුළු ව්‍යාපාරිකයන්
  • රාජ්‍ය නොවන සංවිධාන
  • ප්‍රජාපාදක සංවිධාන
  • සමූපාකාර සමිති
  • ගොවි ජනතාව
  • පාරිභෝගිකයන්
  • විද්‍යාඥයයන්
  • නිර්මාණකරුවන්
  • පර්යේෂකයන්
  • කලාකරුවන්
  • ජනමාධ්‍යවේදින්
  • තරුණ තරුණියන්
  • පාසැල් දරුවන්



වැඩසටහන්

 

  • තිරසර ලංකා අධ්‍යාපන ප්‍රදර්ශනය
  • වසවිස නැති ආහාර, භාණ්ඩ හා හරිත බලශක්තිය අලෙවි සැල්
  • සංවාද හා සම්මන්ත්‍රණ
  • සෞඛ්‍ය සායන
  • පෝෂණ හා සූප ශාස්ත්‍ර උපදෙස්
  • හරිත රැකියා පොල
  • හරිත ව්‍යවසායකත්ව අත්වැල
  • ළමා හා කාන්තා උපදේශනය
  • පාරිභෝගික සහන සේවා
  • අංගම්පොර, යෝගා ව්‍යායාම, එයරොබික්ස්,
  • භාවනා හා අධ්‍යාත්මික වැඩසටහන්
  • නිර්මාණ තරඟ
  • කලා නිර්මාණ හා සංවාද
  • සිනමා දර්ශන හා සංවාද
  • ගෙවතුවගා අත්වැල



තිරසාර සංවර්ධනය වෙනුවෙන් ඇපකැප වූ රජයේ ආයතන, පුද්ගලික සමාගම්, සුළු ව්‍යාපාරිකයන්, රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජාපාදක සංවිධාන, සමූපකාර සමිති, විද්‍යාඥයන්, නිර්මාණකරුවන්, පර්යේෂකයන්, කලාකරුවන්, ජනමාධ්‍යවේදින්, පාසැල් දරු දැරියන්, තරුණ තරුණියන්, ගොවි ජනතාව සහ පාරිභෝගිකයන් එක්රොක් වන

මාර්තු 31 - අප්‍රේල් 01,02,03,04 දින වලදී

පෙරවරු 10.00 සිට රාත්‍රී 10.00 දක්වා

BMICH හිදී

යහපත්
දිවියක්

  • වස විස නැති ආහාර

    කෘෂිකර්ම අමාතන‍ංශය
  • නිරෝගී ජනතාවක්

    සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යශය
  • සකසුරුවම් පුරවැසියෙක්

    නියාමක ආයතන

තිරසර
ජීවනෝපායක්

  • දුප්පතුන් නැති ලෝකයක්

    සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යශය
  • හරිත රැකියා

    නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යංශය
  • තිරසර කර්මාන්ත

    විද්‍යා තාක‍ෂණ අධ්‍යපන හා රැකියා අමාත්‍යංශය

සොබාදහමට
ඉඩක්

  • පිරිසිදු වතුර

    නගර සැලසුම්ගත ජල සම්පාදන වාරිමාර්ග හා

     

    ජල සම්පත් කළමනාකරණ අමාත්‍යශය
  • හරිත බලශක්තිය

    අපදා කළමනාකරණ අමාත්‍යංශය
  • එක්ව පෙරට

    මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය
  • වස විස නැති මහ මුහුදක්

    ධීවර ජල සම්පත් සංවර්ධන අමාත්‍යංශය

හොඳ
අත්තිවාරමක්

  • ගැහැණු පිරිමි භේදයක් නැහැ

    කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය
  • දැනුවත් සමාජයක්

    අධ්‍යාපන අමාත්‍යංශය
  • හරිත බලශක්තිය

    විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය
  • එක්ව පෙරට

    තිරසර සංර්වර්ධන හා වනජීවි අමාත්‍යංශය

යහපත්
සමාජයක්

  • සම සමාජයක්

    මුදල් අමාත්‍යංශය
  • තිරසර පුරවර

    ක්‍රම සම්පාදන අමාත්‍යංශය

     

    මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය
  • සාධාරණ සමාජයක්

    ජාතික ඒකාබද්ධ හා ප්‍රතිසන්ධාන අමාත්‍යංශය

     

    ජාතික සංවාද සංහි`දියා පිළිබ`ද අමාත්‍යංශය

     

    ජාතික සමගිය හා සංහි`දියා කාර්්‍යංශය

රජය විසින් 2017 වසර ආරම්භයේ දීම 'තිරසාර යුගයක්' ශ්‍රී ලංකාවේ උදාකරන බව ප්‍රකාශයට පත් කරනු ලැබීය. එමෙන්ම 2017 වසර දුප්පත් කම පිටු දැකීමේ වසර ලෙස ද ප්‍රකාශයට පත් කරනු ලැබීය. මෙය තිරසාර සංවර්ධන යුගය කරා ශ්‍රි ලංකාවෙ රැගෙන යාමේ පළමු පියවරයි. එය යතාර්ථයක් බවට පත් කරගැනීමේ වගකීමට රටේ අනාගතය වෙනුවෙන් රජය, පුද්ගලික අංශය හා සිවිල් සමාජය විසින් උරදියයුතුව ඇත.

ශ්‍රී ලංකාවේ ජනතාවට වසර දහස් ගණනාවක් තිස්සේ තිරසාර ජීවන රටාවක් පවත්වාගෙන යාමට හැකි විය. එබැවින් එම දැනුම මත පදනම්ව නව තිරසාර සංවර්ධන මාවතට පිවිසීම සඳහා ඇති ඉඩකඩ විශාලය. ශ්‍රි ලංකාව තිරසාර සංවර්ධන යුගයක් කරා රැගෙන යාමේ දී රජය විසින් ප්‍රයෝජනයට ගත හැකි ඉඩප්‍රස්ථා ගණනාවකි. තිරසර සංවර්ධන ඉලක්ක 17 ට අනුරූපව සෑම ක්ෂේත්‍රයකම සිදුවිය යුතු දේ බොහෝමය. මෙතෙක් කලක් සංවර්ධනයේ නාමයෙන් දියත් කළ විනාශකාරී ක්‍රියා යලි නිසි මඟ වෙත ගෙන ආයුතු වේ.

ඉරහඳ පවත්නා තාක් කල්

අද අප කන්නේ වසවිසය. බීමට පිරිසිදු වතුර නැත. අප ආශ්වාස කරන වාතය ද අපිරිසිදුය. පරිහරණය කරන හැම භාණ්ඩයකම අඩු වැඩි වශයෙන් ඇත්තේ වසවිසය. බැලූ බැලු හැම අත වකුගඩු රෝගීන්ය. පිළිකා රෝගීන්ය. අක්මා රෝගීන්ය. නොයෙකුත් බෝනොවන ලෙඩ රෝගය. මේ මිහිතලය දැන් බෝනොවන රෝග සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති විසාලා මහනුවරකි. ගහකොළ, ඇහැට පෙනෙන නොපෙනෙන සකලවිධ ජීවීන් මහපොලවෙන් සීඝ්‍රයෙන් වඳවෙමින් තිබේ. මේ මිහිතලය මිනිස් වාසයට නුසුදුසු ග්‍රහලෝකයක් බවට පත්වෙමින් තිබේ.

අද මිනිසුන් වෙනදා මෙන් නොව කාර්යබහුලය. කෙතරම් වැඩකළත් වැඩවල ඉවරයක් නැත. කිසිදු විවේකයක් ද නැත. පාරවල් කෙතරම් පලල් කළත් මහපාරේ තදබදය නිමක් නැත. ගමන් බිමන් යන්නට ගත වන කාලය ද දිනෙන් දිනම ඉහළ යයි. කෙතරම් විදුලි බලාගාර සෑදුවත් විදුලිය මදිය. කෙතරම් සංවර්ධනය වුනත් තවමත් සැලකිය යුතු පිරිසක් දුප්පත්ය. කර්මාන්ත ශාලා වලට සුදුසු පිරිස් නොමැතිව රැකියා පුරප්පාඩු අපමණවත් ඇත. අනෙක් අතින් තරුණයන්ට හිතට හරියන රැකියා නැත. කුඩා දරුවන්ට දිවා සුරැකුම් මධ්‍යස්ථාන මිසක් පෙර මෙන් නෑදෑ හිතමිතුරන්ගේ රැකවරණයක් නැත. එබැවින් එම දරුවන් අනාරක්ෂිතය. කාන්තාවට පෙරට වඩා වැඩි බරක් නිවසේ සහ වැඩපොලේ එකවිට දරන්නට සිදුවී ඇත. එතකුදු වුවද තමන්ගේ අනාගතය ගැන තීරණ ගන්නට ඇයට සාධාරණ ඉඩක් නැත.

මේ ගැටලූ සියල්ල නිමා කර තිරසර ලොවක් බිහිකරන්නට දැන් කාලය එළඹ ඇත. "කාර්මික යුගය" අවසන් වී ඇත. දැන් එළඹෙමින් තිඛෙන්නේ "තිරසර යුගයයි". මෙම පරිවර්තනය සඳහා වන "සංක්‍රමණිය වැඩපිළිවෙල" ක්‍රිස්තු වර්ෂ 2015 සැප්තැම්බරයේ දී ඇමරිකාවේ නිව්යෝක් නුවර දී මුළු දුන් එක්සත් ජාතීන්ගේ "තිරසර සංවර්ධනය සමුළුවේ" දී එළිදැක්විණි. එය "තිරසර සංවර්ධන ඉලක්ක" නම්වේ. සංක්‍රමණිය වැඩපිළිවෙල 2015 වසරේ දී ඇරඹී 2030 වසරෙන් අවසන් වීමට නියමිතය.

"තිරසර ලංකා" යනු අපේ රට තිරසර යුගයට රැගෙන යන වැඩපිළිවෙලයි. පළමුවන තිරසර ඉලක්කය වන්නේ "දුප්පතුන් නැති ලෝකයක්" බිහිකිරීමයි. එම ඉලක්කය උදාකරගැනීම වෙනුවෙන් වත්මන් රජය 2017 වසර කැපකර ඇත. මහපොලව වනසන රසායනික ගොවිතැන නිමා කර, මහපොලව සුවපත් කරන, වැඩි අස්වැන්නක් අඩු මිළට ලබාගත හැකි, ස්වාභාවික ගොවිතැන කරා රට රැගෙන යාම දෙවන තිරසර ඉලක්කයයි. එම ඉලක්කය 2019 වනවිට සාක්ෂාත් කරගැනීම සඳහා දැනටමත් රජය "වසවිස නැති රටක්" මැයෙන් සැලසුම් සකසා සාර්ථක ලෙස මහපොලවේ ක්‍රියාත්මක කරමින් තිබේ. ඒ අනුව වසවිස නැති ගොවිතැන දැනටමත් රුහුණුපුර, පුලතිසිපුර හා ගෝකන්නේ ගොවියන් 10,000 ක් පමණ සාර්ථක ලෙස අත්හදා බලා ඇත. වසවිස නැති රසවත් පෝෂ්‍යදායී ආහාර පාරම්පරික ස්වාභාවික රසකාරක වලින් සාදාගැනීම සඳහා සූප ශාස්ත්‍රය ද දැන් නව මඟකට යොමුවී ඇත.

තෙවැනි තිරසර ඉලක්කය වූ නිරෝගී ජනතාවක් බිහි කිරීම සඳහා වූ මඟ වැඩිවැඩියෙන් රෝහල් ඉදිකිරීම හා විශේෂඥ වෛද්‍ය සේවා සුලභ කිරීම නම් නොවේ. ඉලක්කය නිරෝගී දිවිපෙවතකට ගැලපෙන ආහාර පරිභෝජන රටා හා ශරීර සුවතා සපිරි ජීවන රටාවන් කරා යොමු වීමයි. ඒ සඳහා ක්‍රීඩා, ප්‍රජා සෞඛ්‍ය සහ බටහිර හා දේශීය වෛද්‍ය සේවාවන් හි උපරිම ඵල නෙලාගැනීම උදෙසා කටයුතු කළ යුතුය. ඊළඟ තිරසර ඉලක්කය දැනුවත් සමාජයක් නිර්මාණය කිරීම සඳහායි. නවීන තොරතුරු තාක්ෂණයේ ද හොඳ අංග පෙරට ගනිමින් "තිරසර මිනිසා" එනම් හිතහොඳ සොබාදහමට ඇලූම්කරන පුරවැසියෙකු බිහිකිරීම සංක්‍රමණිය වැඩපිළිවෙල මගින් සිදුවිය යුතුය. කාර්මික විප්ලවයෙන් පසු යුගයේ පවුලේ වැඩි වගකීමක් කාන්තාවට පැවරී ඇති බැවින් රට යන අත පිළිබඳව තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී ඇයට දී සාධාරණ ඉඩක් ලැඛෙන ක්‍රමවේදයක් සැකසිම පස්වැනි තිරසර ඉලක්කය වන්නේය.

අපවිත්‍රවී වසවිස මුසුවී ඇති සියළු මතුපිට හා භූගත ජලය මූලාශ යලි පිරිසිදු වන, ජලපෝෂක ප්‍රදේශ පුනරුත්තාපනය වන වැඩපිළිවෙලක් සැකසීම හා වෑදියවර නම් වූ වැඩසටහන නමින් ගම් වැව් සියල්ල යලි සකසා පිරිසිදු වතුර ලබාගැනීම හයවන තිරසර ඉලක්කයයි. යලිත් ගලායන දොල පහරින් දියදෝතක් ගෙන පානය කරන්නට හැකි පරිසරයක් නිර්මාණය වියයුතු වේ. පරිසරය වනසන අපිරිසිදු ගල් අඟ=රු හා ඛනිජතෙල් වෙනුවට හැමදාම හිරුඑළිය වැටෙන මේ අපේ ශ්‍රි ලංකාවේ සුර්ය, සුළං, දර, තරංග, සමුද්‍ර තාප ආදී යලි යලිත් අළුත් වන පුනර්ජනනීය හරිත බලශක්තිය 100%ක් ම භාවිතා කිරීම හත්වන ඉලක්කයයි. ඒ සඳහා වූ සූර්ය බල සංග්‍රාමය හා ගිනිසීරියා මෙහෙයුම ආදී වැඩපිළිවෙල වඩා ශක්තිමත්ව දියත් කිරීම අවශ්‍යවේ. පළල් වන මංමාවත්, අධිවේගී මාර්ග සහ පුද්ගලික වාහන වෙනුවට පොදු ප්‍රවාහන සේවය ක්‍රමවත් වන සහසර වැඩසටහන හා පොදු වාහන භාවිතයට පොළඹවන ආරක්ෂිත රථගාල හා විශේෂිත මංතීරු ආදී වැඩපිළිවෙල ද පුළුල් කළ යුතුය.

සැමට හරිත රැකියා ලබාදෙන, තිරසර කර්මාන්ත ජාලයක් ස්ථාපිත කර, ඇති තැති පරතරය නැති සමසමාජයක් නිර්මාණය කිරීම මීළඟ ප්‍රධාන තිරසර ඉලක්ක තුනක් වන්නේය. නගර කාර්මීකරණයේ අස්ථාවර ප්‍රතිඵලයක් වන බැවින් තිරසර යුගයට ගැලපෙන අයුරින් නගර තිරසාර ජනාවාස බවට පත් කිරීම එකොලෙස්වන තිරසර ඉලක්කය වේ. ගම මත සහමුළින්ම යැපෙන්නේ නැතිව තමන්ගේ ආහාර හා බලශක්තිය නිපදවාගෙන තිරසර නගරය හැකිතාක් දුරට ස්වයංව නැගීසිටිය යුතුය. තිරසර යුගයේ සකසුරුවම් පාරිභෝගිකයා බිහි කිරීම මීළඟ තිරසර ඉලක්කයක් වේ. අධ්‍යාත්මික වශයෙන් පොහොසත් තිරසර යුගයේ පාරිභෝගිකයා සිය අයිතිවාසිකම්, වගකීම් හා යුතුකම් ගැන මනා වැටහීමකින් යුතුවේ.

මිනිස් ක්‍රියාකාරකම් නිසා මිහිතලය උණුසුම් වී දේශගුණය සීඝ්‍රයෙන් වෙනස් වෙමින් තිබේ. එම නිසා දේශගුණික විපර්යාසය අවම කරගැනීමටත් සිදුවන දේශගුණික විපර්යාසයට හැඩගැසීමටත් සියලූ පාර්ශව වල සක්‍රිය ක්‍රියාකාරිත්වයක් අවශ්‍ය බව දහතුන් වන තිරසර ඉලක්කය මගින් අවධාරණ කෙරේ. මහ සාගරය කිසිදු රටකට තනි භුක්තියට සින්න වී නැති නිසා සාගර විනාශවීමෙන් බේරාගැනීමට සඳහා සාමූහික උත්සාහයක් දැරීම ඊළඟ තිරසර ඉලක්කය වන්නේය. ජීව ලෝකය සමතුලිතව පැවතීම මිනිසාගේ පැවැත්මට අත්‍යාවශ්‍ය වන අතර සතුන් හට ජීවත්වීමට ඇති අයිතිය සුරක්ෂිත කිරීම පහලොස්වන තිරසර ඉලක්කයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මිනිසා විසින් භූමිය ඛෙදාගෙන තනි අයිතියට ලියාගෙන වැට කඩොළු, තාප්ප බැඳගගත්තාට සතුන් පලි නැත. එම නිසා තිරසර යුගයේ දී යලිත් හේනේ කුඹුරේ, වත්තේ, පිටියේ, ඇසට පෙනෙන නොපෙනෙන සියළු ජීවීන් හට මර බියෙන් අත් මිදී ජීවත්වීමට හැකිවන්නේය.

තිරසර යුගයේ ප්‍රමුඛ කාරණය වන්නේ මිනිසුන් එකිනෙකාට වෛර කිරීමෙන් තොරව සහජීවනයෙන් ජීවත් වීමයි. ඊට අවශ්‍ය කරන පරිසරයක් නිර්මාණය කිරීම ද තිරසර සංවර්ධන ඉලක්කයක් වේ. මෙම ඉලක්ක සාක්ෂාත් කර ගැනීම උදෙසා සියලූ දෙනා කැපවීමෙන් යුතුව එකට වැඩ කළයුතු වන්නේය. රජයේ ආයතන, පුද්ගලික සමාගම්, සුළු ව්‍යාපාරිකයන්, රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජාපාදක සංවිධාන, සමූපාකාර සමිති, විද්‍යාඥයයන්, නිර්මාණකරුවන්, පර්යේෂකයන්, කලාකරුවන්, ජනමාධ්‍යවේදින්, දරු දැරියනA, තරුණ තරුණියන් ඇතුළු සියලූම දෙනා තිරසාර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් පෙරමුණට පැමිණිය යුතුය. එමගින් සැමට ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා, සම්පත් ලැඛෙන තිරසර යුගය උදාවනු ඇත.